වයස අවුරුදු 17 සම්පූර්ණ වූ තරුණ වයසේ සිටින ඔබේ සිහිනයක් වූ මෝටර් රථයක් මාර්ගයේ ධාවන කිරීමට ඇති ආශාව හා ඒ සඳහා අවශ්‍යම දෙයක් වන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරමි .
රියදුරු බලපත්‍රයට අයදුම් කිරීම සඳහා පහත සඳහන් දෑ ඔබ අනිවාර්‍යයෙන්ම රැගෙන යා යුතුය
ඉහත දක්වා ඇති සියල්ල සමඟ පෞද්ගලිකවම මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගොස් රියදුරු බල පත්‍රය සඳහා අයදුම් කල හැකිය.
ඔබට වාහන පැදවීමට පුහුණුව මදි නම් ලඟම ඇති රියදුරු පුහුණු පාසලක් හරහා අයදුම් කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.එමගින් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විභහගය සඳහා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුමද , ප්‍රයෝගික පරීක්ෂණයට අවශ්‍ය පුහුණුව හා රථ වාහන ද ඔවුන් විසින්ම සපයනු ලබයි .
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ඔබව දත්ත පද්ධතියට ඇතුලත් කරගැනීමෙන් අනතුරුව ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් ලබා දෙනු ඇත .
ඔබ පුද්ගලිකවම අයදුම් කරන්නේ නම් ලිඛිත පරීක්ෂණයට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට අවශ්‍ය ප්‍රශ්න සහ පිළිතුරු සටහනේ පහතින් දක්වා ඇත.
විභාහගයට මුහුණ දීමෙන් පසු එවෙලේම ප්‍රතිපල ලබා දෙනු ඇත..විභහගය අසමත් වුවහොත් නැවත දිනයක් ලබා ගත යුතු වේ.
ඔබ විභහගය සාර්ථකව සමත් වීමෙන් පසු ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබට දිනයක් ලබා දෙන අතර ඒ සඳහා අවුරුද්දක වලංගු කාලයක් සහිත තාවකාලික රියදුරු බලපත්‍රයක් ඔබට ලබා දෙනු ඇත .එය රිය ධාවනය පුරුදු පුහුණු වීම සඳහා මාර්ගයේ ගමන් කිරීමේ දී ළඟ තබා ගැනීම අනිවාර්ය වේ .
ඔබට වයස අවුරදු 17 ක් නම් වයස අවුරදු 18 සම්පුර්ණ වීමෙන් පසු දිනයක් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලබා දෙනු ඇත .නැතිනම් එය මාස තුනක් ඇතුලත ලබා දෙන දිනයක් වේ .
ඔබ ප්‍රායෝගික පරීක්ෂණය ට සාර්ථකව මුහුණ දීමෙන් අනතුරුව එක් දින සේවාව මගින් රියදුරු බලපත්‍රය එදිනම ලබා ගත හැකිය.ඒ සඳහා අමතර වියදමක් දැරීමට සිදු වේ.
නැතහොත් සාමාන්‍ය පරිදි මාස තුනක් ඇතුලත තැපෑල මගින් ඔබගේ නිවසටම රියදුරු බලපත්‍රය එවනු ලැබේ .
ලිඛිත පරීක්ෂණයට අවශ්‍ය දැනුම පහත දක්වා ඇති ලින්ක්ස් හරහා ඔබට ලබා ගත හැක .
https://govdoc.lk/sri-lanka-driving-license-examination-past-papers
https://www.youtube.com/watch?v=EMAB7TCJvTo
https://www.youtube.com/watch?v=ToeKoerXXiQ
Rent a Car Services in Sri Lanka
Buy and Sell Cars in Sri Lanka
Largest automobile auto services, all vehicle needs from one plac